මේ වනවිට රටේ උද්ගතව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය හා ආර්ථික දුෂ්කරතා හමුවේ පවතින රජයට විරෝධය පළ කිරීමේ පුරවැසි විරෝධයක් අප්‍රේල් 3 වනදා (ඉරිදා) සවස 3 ට සංවිධානය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. විශේෂයෙන්ම වට්ස්ඇප් හා ටෙලිග්‍රෑම් ඇප් ඔස්සේ මේ සම්බන්ධ සාමූහික කතිකා නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය වේ.
මෙම ප්‍රචාරයන් පසුගිය සතියක කාලය තුළ සංසරණයවූ අතර එහිදී පැහැදිලිව මෙය ජනතාව විසින් ඉල්ලා සිටින විරෝධයක් ලෙස මතු කර තිබේ. මෙහි සංවිධායකයින් ලෙස දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයකට සම්බන්ධ බවට ආරංචි නැත.
මෙම විරෝධතාව මගින් කිසිදු දේපළ කට හෝ පුද්ගලයෙකුට හානියක් පීඩාවක් නොකරන ලෙස ඉල්ලා ඇති අතර එවැනි වරදක් කළොත් පුද්ගලිකව වගකීම දරාගන්නට සිදුව ඇති බව ප්‍රචාරය වෙයි.පවතින ආගාධයෙන් රට බේරාගන්නා ලෙස බල කිරීම,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය හා ආර්ථික ප්‍රශ්න ඉවසන්නට බැරි තරමට ඔඩුදුවා ඇති බව දැන්වීම හා දූෂිත දේශපාලකයන්ට එරෙහිව විරෝධය පළ කිරීම මෙහි අරමුණු බව දන්වා ඇති අතර තමන්ගේ විරෝධය පළ කළ හැකි ආකාරය විවිධ විය හැකි යයිද දන්වා ඇත.
නිවසේ කළු කොඩියක් එසවීම,ෆේස් බුක්හි කළු කොඩියක් තම ප්‍රොෆයිලයට එක්කිරීම, නිවස ඉදිරිපිට විරෝධතා පුවරුවක් සමග සිටගැනීම, නගරයේ හෝ හන්දියේ කන්ඩායම් වශයෙන් විරෝධතා පුවරු අල්ලා සිටීම මෙහි විකල්ප ලෙස දක්වා ඇත.
මෙම විරෝධතාව සංවිධානය වෙමින් පවතිද්දී දේශපාලන වශයෙන් වාසි ගන්නට ඇතැම් දේශපාලන පක්ෂ නියෝජිතයින් දැරූ උත්සාහයන්ද මෙම කණ්ඩායම් මගින් හෙළා දැක ඇත.
$ads={2}
ඉන් එක් අවස්ථාවක් වූයේ සජබ මන්ත්‍රී රාජිත මෙයට තමන් ඇතුළු පිරිසද එක්වන බවට කළ දැන්වීමය. එමගින් මෙය ‘සජබ වැඩක්‘ යයි වැරදි අර්ථකථනයක් ලබාගන්නට උත්සාහ කර ඇති බව විවේචකයින් දන්වා තිබුණි.
මේ අතර ජවිපෙ නියෝජිත ලාල් කාන්ත දන්වා තිබුනේ මෙවැනි කර්තෘ අඥාතවී සංවිධායකයින් නැතිව සම්බන්ධවන විරෝධතා නිසා අහිතකර තත්වයන් උදාවිය හැකි බවයි. මේ අතර විමල් වීරවංශ දන්වා තිබුනේ තම කණ්ඩායම් ඊට සම්බන්ධවී නැති බවයි.
තුන්වෙනිදා සවස තුනට විරෝධතාව වැළැක්වීමටද රජය සූදානම් වන බවට ඇතැම් ආරංචි වාර්තා කර තිබෙන අතර රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පැනවීම එහි එක් කොටසක් ලෙසද වාර්තාවිය. මෙම විරෝධය අර්ථ විරහිත එකක් මෙන්ම දේශපාලන පටු අරමුණු ඇති එකක් වැනි විවිධ ප්රචාරයන්ද සිදුකරන පිරිස් යූටියුබ් ඇතුළු මාධ්‍ය තුළ මේ වනවිට මත පළ කරමින් පවතී.
-gossip lanka news