රත්තරං තොග හමුවීමෙන් පසු කටුනායක හරහා ලාංකික මගීන් ගෙනෙන භාණ්ඩවලට රේගුවෙන් තද නීති


රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස  ලංකාවට  රැගෙන එමින් සිටි ශ්‍රී ලාංකික විවාහක යුවළක් ඊයේ (9) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගනු ලැබූ අතර වැල්ලම්පිටිය පදිංචි, 35 හැවිරිදි විවාහක යුවළ ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් දෙදෙනා ඇද සිටි  ඇඳුම් අතර මෙම ස්වර්ණාභරණ තොගය  සඟවාගෙන තිබූ බව වාර්තාව‍ෙයි.

මෙම සිදුවීමෙන් පසුව ආනයනය තහනම්කර සහ ආනයනය සීමාකර ඇති භාණ්ඩ ගමන් මළුවල රැගෙන ඒමෙන් වැළකින ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් රේගු උපදෙස් නොතකා එවැනි භාණ්ඩ රැගෙන එන මගීන්ට එරෙහිව රේගු ආඥාා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

මෙම නිවේදයෙන් පසුව රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි 50,000 ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටි යුවළක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගුව අද අත්අඩංගුවට ගෙන ඇතැයි  වාර්තාවේ.

$ads={2}

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ ගුවන්තොටුපළ හෝ භාණ්ඩ ආනයනය කරන විවිධ ආයතන හරහා ගෙන එන එවැනි භාණ්ඩ රාජසන්තක කිරීම සහ දඩ පැනවීම කරන බවද දන්වා තිබුණි.

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සියලු ගුවන් මගින් වෙත සිදු කර ඇති නිවේදනය පහත දැක්වෙයි


Gossip Lanka News


Post a Comment (0)
Previous Post Next Post